“චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ 2023 (GUANGZHOU) සමුළුව”ඇරඹේ
2023-12-03 16:53:44
Share with:

“චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ 2023 (GUANGZHOU) සමුළුව” ඊයේ(2) දකුණු චීනයේ Guangdong පළාතේ Guangzhou හිදී නිල වශයෙන් විවෘත විය. ලොව පුරා රටවල් සහ කලාප 30කට අධික සංඛ්‍යාවකින් අමුත්තන් 600කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වූ අතර චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය සහ ආර්ථික ගෝලීයකරණය, චීන-ඇමරිකානු සබඳතා, “එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම සහ කෘතිම බුද්ධිය වැනි ප්‍රධාන කරුණු රාශියක් සාකච්ඡා කළහ.

ඇමරිකානු-චීන සබඳතා සඳහා වන George Bush පදනමේ සභාපති Neil Bush මහතා පවසන පරිදි, චීනය අවබෝධ කරගැනීමට ඇති මඟ වන්නේ චීනයේ ආයතනික වාසි පිළිබඳ ගැඹුරු අවබෝධ කර ගැනීමයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය විශ්මිත සංවර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව හෙතෙම පැවසීය.   

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය යනු නව ශිෂ්ටාචාරයක් බව Taihe බුද්ධි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන Liu Yangsheng මහතා පෙන්වා දුන්නේය. යටත් විජිතකරණය, කොල්ලකෑම සහ ව්‍යාප්තිය හරහා බටහිර නවීකරණයට යන මාවත මෙන් නොව, චීනය සාමකාමී නැගීම තුළින් සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව හෙතෙම පැවසීය.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ජාත්‍යන්තර වෙළඳ රටාවේ වෙනස්කම් ඇති කර ඇති බව ජාත්‍යන්තර ගැටළු පිළිබඳ ඉරාන විශේෂඥයෙකු සහ ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Mohammad Marandi මහතා පැවසීය. ආසියා-යුරෝප භාණ්ඩ ප්‍රවාහන දුම්රිය විවෘත කිරීම නිසා මධ්‍යම ආසියාතික අභ්‍යන්තරය සම්ප්‍රදායික නැව් ගමනාගමනය කෙරෙහි රඳා පැවතීම අඩු වී ඇති අතර ඉරානය ඇතුළු බොහෝ රටවල් මින් ප්‍රතිලාභ ලබා ඇති බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම