උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා “G77 කණ්ඩායම සහ චීනය” නැමැති දේශගුණ විපර්යාස නායකයින්ගේ සමුළුව අමතයි
2023-12-03 15:25:56
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා ඊයේ (2) ඩුබායි හි පැවති“G77 කණ්ඩායම සහ චීනය” දේශගුණ විපර්යාස නායකයින්ගේ සමුළුවට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

පැරිස් ගිවිසුම පිළිබඳ පළමු ගෝලීය සමාලෝචනයේ ඓතිහාසික මොහොතේ G77 කණ්ඩායමේ සභාපති රට වන කියුබාව මෙම සමුළුව පැවැත්වීමට යෝජනා කිරීම ඉතා වැදගත් බව Ding Xuexiang මහතා පැවසීය. “G77 කණ්ඩායම සහ චීනය” සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වැදගත් සහයෝගීතා වේදිකාවක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත. මෑත වසරවලදී, චීනය සිය ජාත්‍යන්තර වගකීම්වලට උර දෙමින් දේශගුණ විපර්යාස සමඟ සාර්ථකව කටයුතු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වී තිබේ. දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී දකුණු-දකුණු සහයෝගීතා සහ හරිත “එක් තීරයක් එක් මාවතක්” ඉදිකිරීම චීනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කරන අතර, එය සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් පිළිගනු ලැබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත්, හරිත හා අඩු කාබන් අනාගතයක් සඳහා එක්ව කටයුතු කරන බවත් Ding Xuexiang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම