Henry Kissinger මහතාගේ අභාවය ජාත්‍යන්තර සබඳතාව නව යුගයක් ආරම්භ කරවීමට සවියක් ලබා දෙන බව ප්‍රවීණ චීන විද්වතුන් පවසයි
2023-12-03 17:41:22
Share with:

 

“චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ 2023 (GUANGZHOU) සමුළුව”ඊයේ(02) සහ අද(03) Guangzhou හිදී පැවැත්විණ. චීනයේ Fudan විශ්වවිද්‍යාලයේ ‘එක් තීරයක් එක් මාවතක්’ සහ ගෝලීය පාලන පර්යේෂනායතනයේ ස්ථාවර උප ප්‍රධානී, මහාචාර්ය Huang Renwei එම සමුළුවට සහභාගී වී චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වීය.

එහිදී ඔහු පැවසුවේ එම සමුළුවට එක්ව සිටි බොහෝ ආරාධිත අමුත්තන් සිය දේශනයේ දී ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු, අභාවප්‍රාප්ත වූ Henry Alfred Kissinger මහතා සිහිපත් කළ බවයි.  ඔහුගේ අභාවය ජාත්‍යන්තර සබඳතාව නව යුගයක් ආරම්භ කරවීමට සවියක් ලබා දීමක් මිස යම්කිසි යුගයක් මැකී ගොස් නොමැති බව Huang Renwei මහතාගේ අදහස ය. චීන ජනතාවගේ පරණ මිත්‍රයෙකු වන Henry Kissinger මහතා වාර 100 ගණනකට‍ වඩා චීනයේ සංචාරය කර ඇත. සෑම සංචාරයකදී ම නව අත්දැකීම් තමා සතු වූ බව Kissinger මහතා අභාවයට පෙර සඳහන් කර ඇති බව Huang Renwei මහතා පවසා තිබේ.

අනාගතය උදෙසා ජාත්‍යන්තර උපායමාර්ගික ක්ෂේත්‍රයට වඩාත් පුළුල් දායකත්වයක් සාක්ෂාත් කරගැනීමට හැකි වනු ඇති බව ද ඔහු විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම