ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ සිංහල සංස්කරණය පිළිබඳ අදහස් හුවමාරු කිරීමේ වැඩමුළුව කොළඹදී
2023-12-03 15:18:36
Share with:

ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ සිංහල සංස්කරණය පිළිබඳ අදහස් හුවමාරු කිරීමේ වැඩමුළුව පසුගියදා කොළඹදී පැවැත්විණ. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා, චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Liu Dawei මහතා සහ ශ්‍රී ලාංකික විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ පළමු වෙළුමේ සිංහල සංස්කරණය පිළිබඳ අදහස් හුවමාරු කිරීමේ වැඩමුළුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වූ බව Qi Zhenhong මහතා පැවසීය. එය දෙරට අතර පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ ප්‍රධාන සිදුවීමක් වන අතර දෙරට අතර සංස්කෘතික හුවමාරුව සහ මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා වැදගත් අවස්ථාවක් වේ. එසේම එය ශ්‍රී ලංකාවට ස්වකීය සංවර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් මඟපෙන්වීමක් සපයනු ඇතැයි විශ්වාස කරන බව හෙතෙම පැවසීය.

චීනයේ දරිද්‍රතාවය පිටුදැකීම, සම්පූර්ණ ලෙස සුව පහසු සමාජයක් ගොඩනැගීම සහ වේගවත් ආර්ථික සංවර්ධනය පිළිබඳව ෂී ජින් පිං - චීන පාලනය යන ග්‍රන්ථයේ අන්තර්ගතය හඳුන්වා දුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා චීනයේ සංවර්ධන අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගනිමින්, තමන්ගේම සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ චීනය අතර හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම