ශංහයි නගරයේ ඉටුකළ යුතු පෙරටුගාමී කාර්යභාරය චීන ජනපති අවධාරණය කරයි
2023-12-03 20:36:16
Share with:

පසුගිය 28වැනි දා සිට ඊයේ (02) දක්වා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශංහයි නගරයේදී නිරීක්ෂණ චාරිකාවක් සිදු කර තිබේ. ඒ සඳහා එහි මූල්‍ය ආයතනයක්, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්, පහසුකම් සපිරි කුලී නිවාස ව්‍යාපෘතියක් වෙත හෙතෙම පැමිණියේ ය.

ඒ අතරතුර පසුගිය 01වැනි දා හෙතෙම ශංහයි නාගරික චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සහ නාගරික රජයේ රාජ්‍ය වාර්තාවට සවන් දෙමින් ශංහයි හි විවිධ කාර්යයන්හි ජයග්‍රහණ තහවුරු කිරීමට එක් විය. ශංහයි නගරය සමාජවාදී ජාත්‍යන්තර දැවැන්ත නවීකරණ නගරයක් බවට වේගයෙන් ගොඩනැඟීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේ ය.

ශංහයි, චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ පූර්වගාමියා ලෙසත්, ලෝකය සමඟ ගැඹුරු සම්බන්ධතා ඇති ජාත්‍යන්තර දැවැන්ත නගරයක් ලෙසත්, වඩා ඉහළ මට්ටමක සිට ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සම්පූර්ණ හා ගැඹුරු ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණයෙන් පැවසීය.

ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානය, මූල්‍ය මධ්‍යස්ථානය, වෙළඳ මධ්‍යස්ථානය, නැව් ප්‍රවාහන මධ්‍යස්ථානය සහ විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය යන "මධ්‍යස්ථාන පහ" බවට ශංහයි නගරය ගොඩනැගීමේ වැදගත් මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දී තිබේ.

ජනතා නගර සංකල්පය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පක්ෂයේ නායකත්වයට සහ සමාජවාදී ක්‍රමයේ සැලකිය යුතු ප්‍රයෝජන වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී සංස්කෘතික චින්තනය ක්‍රියාත්මක කර සංස්කෘතික පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීමේ අවශ්‍යතාවය ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට අනුගත වීම චීන පන්නයේ නවීකරණය සඳහා අත්‍යවශ්‍ය සහ මූලික සහතිකය බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. ශංහයි යනු අපේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උපන් ස්ථානය බවත්, පක්ෂය ගොඩනැගීමේ විශිෂ්ට ආත්මය ඉදිරියට ගෙන යා යුතු බවත් හෙතෙම පැවසීය.

ශංහයි හි සිය නිරීක්ෂණ චාරිකාව අවසන් කර නැවත බෙයිජිං නගරය බලා යන අතර, ෂී ජින් පිං මහතා අද (3) Jiangsu පලාතේ Yancheng නගරයේ  නිරීක්ෂණයකට ද එක් විය. හෙතෙම එහි පිහිටි නව සිව්වන හමුදා අනුස්මරණ ශාලාව වෙත පැමිණියේය.

නව සිව්වන හමුදාවේ සමස්ත ඉතිහාසය පිළිබිඹු කරන චීනයේ එකම අනුස්මරණ ශාලාව මෙයයි. එය නිම කර විවෘත කරන ලද්දේ 1986 වසරේදී ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම