චීන උප අග්‍රාමාත්‍යවරයා COP28 සමුළුවේදී විශේෂ දේශනයක් පවත්වයි
2023-12-02 17:05:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා නොවැම්බර් 30වැනිදා හා දෙසැම්බර් 1වැනිදා ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හෙවත් COP28 සමුළු‍වට සහභාගී විය.

එහිදී ඔහු දේශනයක් පවත්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර COP28 සමුළු‍වට සත්කාරකත්වය දැක්වීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් ඉදිරිපත් කළේය.

මීට වසර අටකට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විවිධ රටවල නායකයින් සමඟ එක්ව විශිෂ්ටතම දේශපාලන අධිෂ්ඨානයෙන් හා ප්‍රඥාවෙන් පැරිස් ගිවිසුමට එළඹ, දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා ගෝලීය සහයෝගීතාවයේ නව ගමනක් ආරම්භ කර ඇති බව Ding Xuexiang මහතා පෙන්වා දුන්නේය. චීනය සෑම විටම සිය පොරොන්දු ඉටු කර ඇති අතර ගෝලීය දේශගුණ පාලනය සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. චීනය හරිත සංවර්ධනය, බලශක්ති විප්ලවය සහ දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කරන අතර, දේශගුණ විපර්යාසවලට විසඳුම් සෙවීමේ හැකියාව වැඩිදියුණු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය දක්වයි. දේශගුණ විපර්යාස අභියෝගයට මුහුණ දීමෙන් මානව වර්ගයාට පොදු ඉරණමකට මුහුණපාන බවත්, සියලු පාර්ශ්වයන් අධිෂ්ඨානය සහ ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කළ යුතු බවත් Ding Xuexiang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම