චීන විදේශ ඇමති සහ වියට්නාම ජනපති අතර හමුවක්
2023-12-02 15:31:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතා ඊයේ (1) වියට්නාමයේ Hanoi හිදී හමු විය.

වියට්නාම ජනාධිපතිවරයා ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වූ තුන්වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයට සහභාගී වී ඇති අතර, සංසදයේ සාර්ථකත්වයට වැදගත් දායකත්වයක් ලබා දුන් බවත් Wang Yi මහතා පැවසීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Vo Van Thuong මහතා, චීන-වියට්නාම මිත්‍රත්වය තහවුරු කිරීම සහ “එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම “කොරිඩෝ දෙකක් සහ එක් ආර්ථික කවයක්” සැලැස්ම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවයකට පැමිණ ඇත. මෙවර තමා වියට්නාමයට පැමිණියේ උප අගමැති Tran Luu Quang මහතා සමග චීන-වියට්නාම ද්විපාර්ශ්වික සහයෝගිතා මෙහෙයුම් කමිටුවේ 15 වැනි රැස්වීමේ සම සභාපතිත්වය දැරීමට බව Wang Yi මහතා පැවසීය. පක්ෂ දෙකේ සහ දෙරටේ නායකයින් ඇති කර ගත් වැදගත් එකඟතාවය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම එහි අරමුණ වේ.

චීනය සහ වියට්නාමය අතර පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව පිහිටුවීමේ 15 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරයි. පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම ස්ථාවර හා දිගු කාලීන බව සහතික කිරීම සඳහා මීළඟ අදියරේදී සියලුම ක්ෂේත්‍රවල සහයෝගීතාව සම්බන්ධීකරණය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට වියට්නාමය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය.

වියට්නාම-චීන පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව අඛණ්ඩව තහවුරු කිරීම සහ ගැඹුරු කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට වියට්නාමය කැමැත්තෙන් සිටින බව Vo Van Thuong මහතා ද පවසා ඇත. වියට්නාමය ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවලදී චීනය සමඟ එකිනෙකාට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින අතර, චීනය අඛණ්ඩව ශක්තිමත් වෙමින් ජාත්‍යන්තර කටයුතුවලදී වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම ගැන සතුටු වන බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම