රටවල් හා කලාප 134ක් ආහාර, කෘෂිකර්මාන්තය හා දේශගුණය පිළිබඳ ප්‍රකාශනයකට අත්සන් තබයි
2023-12-02 17:07:45
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හෙවත් COP28 සමුළු‍වේ ආහාර, කෘෂිකර්මාන්තය හා දේශගුණය පිළිබඳ ප්‍රකාශනයකට අත්සන් තැබේ. ‘තිරසර කෘෂිකර්මය, ඔරොත්තු දෙන ආහාර පද්ධති සහ දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ එමිරේට්ස් ප්‍රකාශය’ ලෙසට එය හැඳින්වෙයි.

රටවල් හා කලාප 134ක් ඊයේ(01) එම ප්‍රකාශනයට අත්සන් තැබීය. හරිතාගාර වායු විමෝචනයට විසඳුම් ලබා දෙන අතරතුර, දේශගුණික වෙනස්වීමට බරපතලතම බලපෑම් එල්ල වී සිටින ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවිත හා ජීවනෝපාය ආරක්ෂා කිරීම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණයි. මෙවර COP28 සමුළුවේ ආහාර පද්ධතියේ න්‍යාය පත්‍රයට අයත් කේන්ද්‍රීය කරුණක් වන්නේද මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම