2024 චීන වසන්ත උත්සවයේ Gala 'මකර' තේමාව සහ ලාංඡනය එළිදැක්වේ
2023-12-02 15:32:43
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් 2024 පෙබරවාරි මස එළඹෙන චීන වසන්ත උත්සවයට අදාළ නිල තේමාව සහ ලාංඡනය අද(2) එළිදක්වන ලදී.

වසන්ත උත්සව Gala හි ලාංඡනය ප්‍රධාන දෘශ්‍ය සංකේතය ලෙස "මකරුන්ගේ නැඟීම" යන අර්ථය ඇති "龘" අක්ෂරය භාවිතා කරයි. තෝරාගත් චරිතය වසර දහස් ගණනක් පුරා චීන ජනතාව සඳහා අධ්‍යාත්මික සංකේතයක් සහ ලාංඡනයක් බවට පරිණාමය වී ඇති බැවින්, බිලියන 1.4 ක සමෘද්ධිමත් චීන ජනතාව නිරූපණය කිරීමට රූපකයක් ලෙස එය යොදා ගැනේ.

පුරාණ චීන මුද්‍රා අක්ෂර විලාසයෙන් ආභාසය ලත් නිර්මාණයේ ගාම්භීර, සමබර, අවංක බව සහ සමමිතික බව ගම්‍ය වන අතර, විශිෂ්ට හා ප්‍රබල සංස්කෘතික ස්වරූපයක් ඉස්මතු කෙරේ.

චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ සහ ග්‍රහලෝක ගවේෂණ ව්‍යාපෘතියේ ලාංඡන නිර්මාණකරු වන Gu Yongjiang මහතා විසින් නිර්මාණය කරන ලද, මෙම මුද්‍රා ලාංඡනය චිපයක් මෙන් පෙනෙන ලෝහමය, රන්වන් දීප්තියකින් ද නිර්මාණය කර ඇත. එයින් අතීතය සහ වර්තමානය අනාගතයට පුරාණ චීන චරිතයක සිට අති නවීන තාක්ෂණය දක්වා පාලමක් ලෙස ගොඩ නැ‍ඟෙන බව සංකේතවත් කර තිබේ.

චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන වසන්ත සැණකෙළිය 1983 වසරේ සිට චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. මෙම ගාලා සංදර්ශනයට ගීත, නැටුම්, හාස්‍යමය අංග, ඔපෙරා සහ ජන කලා ඇතුළත් වේ.

ලොව වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන ලෙසින් හඳුන්වනු ලබන වාර්ෂික සංදර්ශනය, නව චන්ද්‍ර වර්ෂය පිළිගැනීමට පවුලේ සියළු දෙනා එකතු වන චීන අලුත් අවුරුදු උදාව අබියස විකාශය කෙරේ.

2024 වසන්ත සැණකෙළි Gala වැඩසටහන ලබන වසරේ පෙබරවාරි 9 වන දිනට යෙදෙන වසන්ත උත්සව රාත්‍රියේ විකාශය වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම