පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපතිගෙන් යෝජනාවක්
2023-12-02 17:30:51
Share with:

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේ ('COP28') දී පවසයි.

ඩුබායි රාජ්‍යයේ එක්ස්පෝ හි රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30වැනි දා ආරම්භ කෙරුණු එම සමුළුවට එක් වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඒ සඳහා නායකත්වය ලබා දීමට තමා සූදානම් බවයි.

පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරනු ඇත. එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් සඳහා දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීමට විද්වත් මණ්ඩලයක් කැඳවීමට අපේක්ෂා කරන බවත් එමඟින් සම්පූර්ණ නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම