‘චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ සමුළුව 2023(GUANGZHOU)’ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-12-02 10:37:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ‘චීනය පිළිබඳව අවබෝධ කරගැනීමේ 2023(GUANGZHOU) සමුළුව"ට අද(02) සුබ පැතුම් පණිවුඩයක් යොමු කළේය.

එහිදී හෙතෙම පෙන්වා දෙන්නේ චීනය පිළිබඳව අවබෝධ කරගැනීමට චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීම අත්‍යවශ්‍ය වන බවයි. වර්තමානයේ චීනය සිය ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ඔස්සේ චීනය බලවත් රටක් ලෙසට ගොඩනැංවීම හා ජාතියේ පුනර්ජීවනය තහවුරු කරමින් සිටී. අධිගුණාත්මක විවෘත භාවයෙන් ඉහළ මට්ටමේ සංවර්ධනය චීනය අඛණ්ඩ ව වැඩිදියුණු කරයි. සිය නව සංවර්ධනය මගින් ලෝකය වෙත නව ගාමක බලවේග හා නව අවස්ථා චීනය නොකඩවා ම ලබා දෙයි. විවිධ රටවල් සමග එක්ව උත්සාහ දරමින් සාමකාමී සංවර්ධන, පොදු-ජයග්‍රාහී සහයෝගිතා හා පොදු සමෘද්ධිමත් ලෝක නවීකරණය සාක්ෂාත් කරගැනීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින්පිං මහතා සිය පණිවුඩයේ සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම