චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ කාර්යභාරය පිළිබඳව කියුබාවේ අගමැතිගෙන් පැසසුම්
2023-12-02 16:03:27
Share with:

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ විවෘත හා ඇතුළුවීමේ අභිප්‍රේරණය ප්‍රවර්ධනය කොට චීනය ආදර්ශන කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳව ප්‍රශංසා කරන බව කියුබාවේ අගමැති Manuel Marrero Cruz මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ආරම්භයේ සිට වසර හයක කාලයක් තුළ ඉතා ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. කියුබාව සෑම වසරේම එයට ක්‍රියාකාරීව සහභාගී වී ඇති බව ඔහු පැවසීය. විවෘතභාවය සහ ඇතුළත් කිරීමේ ආචාර ධරමයෙන් යුතු එම ප්‍රදර්ශනය හරහා, ලෝකයේ විශාල හා වැදගත් වෙළඳපොළක් වන චීනය ලොව විවිධ රටවල් කෙරෙහි සිය දොරටුව විවර කරයි. ධනවත් සංවර්ධිත රටවලට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ අද්විතීය නිෂ්පාදන සහ සේවාවන් එම ප්‍රදර්ශනයට ගෙන ඒමට අවස්ථාව තිබෙන බව Marrero මහතා පෙන්වා දුන්නේය. ප්‍රදර්ශනයට සහභාගී වන රටවලට චීන වෙළඳපොළට ඇතුළු වීමට පමණක් නොව, ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ගෝලීය වෙළඳපොළට ප්‍රවර්ධනය කළ හැකිය. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලොව පුරා සිටින සමාගම් සඳහා ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන බව ද හෙතෙම සඳහන් කළේය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනය හා ඉදිරි දර්ශනය පිළිබිඹු කරයි. ෂී ජින් පිං මහතාගේ චින්තනය චීනය කෙරෙහි පමණක් නොව ලෝකය කෙරෙහි ද අවධානය යොමු කරයි. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ එක්ව සමෘද්ධිය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම ඔහුගේ අපේක්ෂාව යැයි Marrero මහතා පැවසීය.

චීනයේ අත්දැකීම්, විශේෂයෙන්ම තම රටේ ලක්ෂණවලට ගැලපෙන සංවර්ධන ආකෘතියක් සොයා ගැනීම තුළින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

කියුබාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසු සැමවිටම සමීප සබඳතා, විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතී. දෙරට අතර සහයෝගීතාවය අනාගතයේ දී බොහෝ පැතිවලින් කැපී පෙනෙන සංවර්ධනයක් අත්කර ගනු ඇතැයි Marrero මහතා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම