ගාසා තීරයේ යළි සටන් ඇරඹීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කණගාටුව
2023-12-02 16:01:50
Share with:

ගාසා තීරයේ සටන් යළි ඇරඹීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කණගාටුව පළ කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ(1) සමාජ මාධ්‍යයන්හි ලිපියක් පළ කරමින් මේ බව පැවසීය.

ගාසා තීරයේ යළි ගැටුම් ඇති වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටු වන බවත්, ඉදිරියේදී සටන් විරාමයක් යළි ක්‍රියාත්මක කළ හැකි වෙතැයි බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ගාසා තීරයේ වත්මන් ගැටුමෙන් පිළිඹිබු වන්නේ විස්තීරණ මානුෂීය සටන් විරාමයක් සැබෑ ලෙසම සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කම බව ගුටරෙස් මහතා පැවසීය.

ගැටුම නැවත ආරම්භ වීමත් සමඟ ගාසා තීරයේ රෝහල්වලට තවදුරටත් ළමයින් භාර ගත නොහැකි බවත් සාමාන්‍ය වැසියන්ට, විශේෂයෙන් ළමයින්ට එරෙහි මෙම යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඊයේ ප්‍රකාශ කළේය.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම