පීඩන අවපාතයෙන් දිවයිනට දැඩි බලපෑම්
2023-12-02 17:27:00
Share with:

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ති‍බේ.

එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් දෙසැම්බර් 03 වන දින සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත. මෙම පද්ධතිය දෙසැම්බර් 05 වැනි දින වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුර - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 1000 කට වැඩි තද වැසි ද ඇති විය හැකිය.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මිටර් 40 -50 පමණ තද සුළං බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම