චීනය උපරිම උත්සාහයෙන් දේශගුණික විපර්යාසයට මුහුණ දෙමින් සිටින බව දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ චීන විශේෂ නියෝජිතයා කියයි
2023-12-02 16:38:01
Share with:

චීනය උපරිම උත්සාහයෙන් දේශගුණික විපර්යාසයට මුහුණ දෙමින් සිටින බව COP28 සමුළුවට එක්ව සිටින චීන විශේෂ නියෝජිතයා පවසයි.

ඊයේ(01) පැවති දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හෙවත් COP28 සමුළු‍වේ ප්‍රාදේශීය දේශගුණික ක්‍රියා සමුළුවට එක්වූ දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ චීන විශේෂ නියෝජිත Xie Zhenhua මහතා මේ බව සඳහන් කළේ ය.

ඔහු පවසන්නේ දේශගුණික වෙනස් වීම කෙරෙහි චීනය ඉහළ අවධානයක් යොමු කොට ඇති බවයි. දේශගුණික වෙනස් වීමට මුහුණ දීමේ ජාතික උපායමාර්ග චීනය සක්‍රීය ලෙස ක්‍රියාවට නංවයි. කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය උපරිම සීමාවට ළඟා වීමේ හා ඒ‍වා උදාසීන කිරීමේ ප්‍රතිපත්තිමය පද්ධති චීනය ගොඩනංවා අවසන් ය. එමෙන් ම දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ ගෝලීය පාලනයට චීනය සක්‍රීය අයුරින් එක් වී ඇති අතර, ඒ හා සම්බන්ධ දකුණු-දකුණු සහයෝගිතාවන්ට ද සහභාගි වී සිටින බව ද චීන විශේෂ නියෝජිතයා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම