සමුද්‍ර අයිතිවාසිකම් සුරැකීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවන් ඉහළ නැංවීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2023-12-01 19:26:26
Share with:

චීන සමුද්‍ර පොලිස් බලවේගය සමුද්‍ර අයිතිවාසිකම් සුරැකීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවන් ඉහළ නැංවීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා පසුගිය 29වැනි දා සන්නද්ධ පොලීසියේ සමුද්‍ර පොලිස් මහා බලකායේ අණ දෙන ශාඛාවක් වෙත ගොස් නිරීක්ෂණය කරමින් මේ බව සඳහන් කළේ ය.

හෙතෙම එහිදී අවධාරණය කළේ සමුද්‍ර පොලිස් බලවේග සංවර්ධනය සඳහා වන ලක්ෂණයන්ට අනුගත ‍වෙමින් සමුද්‍ර අයිතිවාසිකම් සුරැකීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවන් ඉහළ නැංවිය යුතු බවයි. එමගින් චීනයේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍ර අයිතිවාසිකම් තරයේ ම ආරක්ෂා කළ යුතු ය. සාගරයේ දී නීතිය බලාත්මක කිරී‍මේ සම්බන්ධීකරණ ක්‍රමවේදය වැඩිදියුණු කළ යුතු අතර සමුද්‍ර අපරාධ මර්දනය කළ යුතු ය. එමෙන් ම ජාත්‍යන්තර සහයෝගිතා පවත්වමින් ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් සාගර පාලනයට එක්වන්නැයි ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම