චීනය සහ ජෝර්දානය අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි.
2023-12-01 11:38:07
Share with:

පසුගිය 29 වැනිදා ජෝර්දානයේ අගනුවර වන අම්මාන්හි දී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චීනය සහ ජෝර්දානය අවබෝධතා ගිවිසුමකට එළඹිණ.  ජෝර්දානයේ චීන තානාපති Chen Chuandong මහතා සහ ජෝර්දානයේ සැලසුම් හා ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ අමාත්‍ය Zeina Toukan මහත්මිය දෙපාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් කළහ.

මෙම වසරට “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන ආරම්භ කර වසර 10 ක් සම්පූර්ණ වේ. චීනය සහ ජෝර්දානය මෙම වැඩසටහන ඒකාබද්ධව ගොඩනැගීමේ හවුල්කරුවන් වන බව Chen Chuandong මහතා එහිදී පැවසීය. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන සහ ජෝර්දානයේ ආර්ථික නවීකරණ දැක්ම අතර උපායමාර්ගික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සහතික කරමින් දෙරටේ ජනතාවට වඩා යහපත් ප්‍රතිලාභ ලබා දීමට හැකි බව Chen Chuandong මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම