යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකාබද්ධ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා පවසයි
2023-12-01 10:47:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (30) ෂැංහයි හිදී යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකාබද්ධ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක‍ට එක්වෙමින් වැදගත් දේශනයක් පළ කළේය.

යැංසි ගංගා ඩෙල්ටාව චීනයේ යැංසි ගඟේ පහළ ප්‍රදේශයේ පිහිටි ෂැංහයි නගරය, Jiangsu පළාත, Zhejiang පළාත සහ Anhui පළාතෙන් සමන්විතය. එය චීන ආර්ථික සංවර්ධනයේ වඩාත්ම ප්‍රවේගික, විවෘත හා නවෝත්පාදන ප්‍රදේශවලින් එකකි.

2018 නොවැම්බර් මාසයේදී, යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකාබද්ධ සංවර්ධනය ජාතික උපාය මාර්ගයක් ලෙස වැඩිදියුණු කරන බව ෂී ජින් පිං මහතා පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී ප්‍රකාශ කළේය. ඊයේ (30) පැවති එම සාකච්ඡාවේදී, ෂී ජින් පිං මහතා ගත වූ වසර 5 තුළ එම ඒකාබද්ධ සංවර්ධනයේ ජයග්‍රහණ තහවුරු කළ අතරම, දැනට ඇති ප්‍රශ්න හා‍ ඉදිරි සංවර්ධන දිශාව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

යැංසි ගංගා ඩෙල්ටාව විවෘතභාවයේ ප්‍රතිපත්තීන් වෙත අවධානය යොමු කිරීමෙන් ඉහළ මට්ටමේ විවෘත කිරීම් ප්‍රවර්ධනය කළ යුතු අතර, ප්‍රතිසංස්කරණ අත්දැකීම් එකිනෙකාගෙන් ඉගෙන ගත යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ෂැංහයි නගරය ජාත්‍යන්තර ආර්ථිකය, මූල්‍ය, වෙළඳාම, නැව්ගත කිරීම සහ විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ප්‍රවර්ධනය කළ යුතු අතර,  ෂැංහයි නිදහස් වෙළඳාමේ පරීක්ෂණ කලාපයේ විවෘතභාවය ඉහළ මට්ටමකට නැංවිය යුතු බව ද හෙතෙම කීය.

යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකාබද්ධ සංවර්ධනය සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අතර සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇති බවත්, පුද්ගලික ව්‍යවසායන් සඳහා සංවර්ධන පරිසරය තවදුරටත් දියුණු කරමින්, පුද්ගලික ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය වනු බවත් ෂී ජින් පිං මහතා එහිදී අපේක්ෂා පළ කර ඇත.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම