තම සංවර්ධනය අවස්ථාවක් ‍ලෙසට යුරෝපා සංගමය දකිනු ඇතැයි චීනය අපේක්ෂා කරයි
2023-12-01 10:35:34
Share with:

තම සංවර්ධනය විස්තීර්ණ හා විෂය මූලික ලෙසින් යුරෝපා සංගමය දකිනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.චීනයේ නව සංවර්ධනයෙන් යුරෝපා සංගමය ඇතුළු සමස්ත ලෝකයට නව අවස්ථාවන් නිර්මාණය කෙරෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසයි.එබැවින් චීනයේ සංවර්ධනය හා දේශීය හා විදේශීය ප්‍රතිපත්ති දෙස යුරෝපා සංගමය විස්තීර්ණ හා විෂය මූලික ලෙසින් දකිනු ඇති බව චීනයේ අපේක්ෂාව වී තිබේ.මෑතක පළවූ  වාර්තාවන්ට අනුව චීන ආර්ථිකය මන්දගාමී වීම,අයහපත් ව්‍යාපාරික පරිසරය,අධි ධාරිතාව,වෙළඳ අසමබරතාව හා චීනය කේන්ද්‍රගත ජාත්‍යන්තර පටිපාටිය සහ වෙන් ‍නොවුනද ,චීනය සමග අවදානම් අඩු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සැලකිල්ල යොමු වී ඇත.මෙම තත්ත්වය සමබන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වන්ග් වෙන්බින් මහතා යුරෝපා සංගමයේ කනස්සල්ල නියම කරුණු මත නොගැලපෙන බව සඳහන් කළේය.ගෝලීය ආර්ථික ප්‍රකෘතියේ දුෂ්කරතා මධ්‍යයේ වුවද චීනය සිය ආර්ථිකය ස්ථාවර කරමින් වර්ධනයක් පවත්වා ගෙන යයි. එය පහසු නොවන ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කරයි. චීනය වසරේ මුල් කාර්තු ‍තුනේ සියයට 5.2ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව සිටී.බොහෝ ජාත්‍යන්තර සංවිධාන චීන ආර්ථිකය පිළිබඳ සිය අපේක්ෂාවන් ඉහළ නංවා ඇත. චීනය අධි ගුණාත්මක සංවර්ධනයක් හා වෙළපොල හා නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැංවීමට ක්‍රියා කරමින් සිටින බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.චීනය කිසිදු අවස්ථාවක වෙළද අතිරික්තියක් අපේක්ෂා නොකරයි.

උද්ධමනය මැඩපැවැත්වීමේ සිට ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම දක්වා, හරිත සංක්‍රාන්තියේ සිට ඩිජිටල් පරිවර්තනය දක්වා මෙන්ම බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමේ සිට ගෝලීය අභියෝගවලට මුහුණ දීම දක්වා, චීනය යුරෝපා සංගමයේ විශ්වාසදායී හවුල්කරුවෙක් බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම