COP28 සමුළු‍වට සමගාමීව ‘චීන මණ්ඩපය’ පැවැත්වෙයි
2023-12-01 15:15:12
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හෙවත් COP28 සමුළු‍ව ඇර‍ඹේ. එය ඊයේ(30) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී ඇරඹිණ. ඊට සමගාමීව චීන මණ්ඩපයේ සමාරම්භක උත්සවය සහ ‘ජෛව ශිෂ්ටාචාරය සහ සුන්දර චීන ක්‍රියාපිළිවෙත’ යන උප රැස්වීම ඊයේ එහිදී ද පැවැත්විණ.

චීනයේ ජෛව පරිසර පිළිබඳ අමාත්‍ය Huang Runqiu මහතා සමාරම්භක උළෙල අමතමින් පැවසුවේ චීන රජය ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය වෙත අඛණ්ඩ ව ඉහළ අවධානයක් දක්වන බවයි. මෙවර COP28 සමුළු‍ව බහුපාර්ශ්වවාදය දැඩි ලෙස සුරකමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඉල්ලුම්වලට ප්‍රශස්ත අයුරින් ප්‍රතිචාර දැක්වීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් ‘පැරිස් ගිවිසුම’ ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවීම තහවුරු කළ හැකි වනු ඇති බව ද හෙතෙම අපේක්ෂා පළ කරයි.

මෙවර සමුළුව අතරතුර ‘චීන මණ්ඩපය’ උප රැස්වීම් සඳහා සමාරම්භක දිනය, ‍යොවුන් දිනය, සහයෝග දිනය ඇතුළු ප්‍රධාන තේමා දින 9ක් ස්ථාපිත කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම