උත්සව සමයට හිඟයකින් තොරව සම්බා සහල් ලබා දීමට පියවර
2023-12-01 15:10:41
Share with:

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

දෙසැම්බර් 10 - 12 පමණ වනවිට වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම සම්බා සහල්, පාලන මිල යටතේ ලංකා සතොස, සමූපකාර හා සුපිරි වෙළෙඳ සැල් හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටී.

උත්සව සමයේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය සම්බා සහල් හිඟයකින් තොරව ලබා දීම සම්බා සහල් ආනයනය කිරීමේ අරමුණ වන අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

සම්බා සහල් කිලෝවක් අලෙවි කළ යුතු පාලන මිල රුපියල් 230 ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම