ගාසා තීරයේ සටන් යළිත් ඇරඹේ
2023-12-01 15:36:19
Share with:

හමාස් සංවිධානය තාවකාලික සටන් විරාම ගිවිසුම කඩ කළ බැවින් ගාසා තීරයේ හමුදා ප්‍රහාර නැවත ආරම්භ කොට තිබෙන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.

ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදාව අද(1) උදෑසන මේ බව ප්‍රකාශ කළේය. පලස්තීන හමාස් සංවිධානය තාවකාලික සටන් විරාම ගිවිසුමට විරුද්ධ වී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බැවින් ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදාව ගාසා තීරයේ හමුදා ප්‍රහාර නැවත ආරම්භ කර ඇත.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ පරිදි, ගාසා තීරයේ තාවකාලික සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් දෙසැම්බර් 1 වන දින උදෑසන 7:00 ට අවසන් විය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුම දීර්ඝ කිරීමක් ප්‍රකාශ කළේ නැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම