මහනුවර සංවර්ධනයට රුපියල් මිලියන 1500ක්
2023-12-01 15:13:32
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”සඳහා රුපියල් මිලියන1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන් සංචාරකයින්ගේ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම