මෙරට පොල් වගාව නැංවීමට පස් අවුරුදු සැලැස්මක්
2023-11-30 16:19:32
Share with:

මෙරට පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීම ඉළක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට ඊයේ (29) උපදෙස් දී ඇත.

මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එය පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ මණ්ඩලය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය ඇතුළු සියලු අංශවල දායකත්වය මත සිදු කෙරේ.

මෙරට පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. අපනයන සීමාව ඉහළ නංවා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම