යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ප්‍රවර්ධනය පිළිබඳ සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2023-11-30 19:49:04
Share with:

යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම සමුළුව අද(30) උදෑසන ශැංහයි නගරයේ පැවැත්විණ.

නව ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීම සඳහා යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කොට චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයේ ප්‍රමුඛ හා ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කරන්නැයි ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

යැංසි ගංගා ඩෙල්ටා කලාපය තාක්ෂණික නවෝත්පාදන සහ කාර්මික නවෝත්පාදනයන්හි හරස් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර ඒකීයකරණ සංවර්ධන පද්ධති සහ යාන්ත්‍රණ වේගයෙන් වැඩිදියුණු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. එසේම ජෛව පරිසරයේ ඒකාබද්ධ ආරක්ෂාව සහ ඒකාබද්ධ කළමනාකරණය ශක්තිමත් කොට ආරක්ෂිත සංවර්ධනය සඳහා ධාරිතාව වැඩි දියුණු කිරීමට උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම පැවසීය.

යැංසි ගංගා ඩෙල්ටා කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්පූර්ණ නායකත්වය ස්ථීරව අනුගමනය කරන්නැයි ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම