හෙන්රි කිසිංගර් මහතාගේ අභාවය වෙනුවෙන් ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනපති වෙත ශෝක පණිවිඩයක් යවයි
2023-11-30 19:39:02
Share with:

ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වූ හෙන්රි කිසින්ගර් මහතාගේ අභාවය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (30) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට ශෝක පණිවිඩයක් යවා ඇත.

චීන රජය සහ ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ෂී ජින් පිං මහතා හෙන්රි කිසින්ගර් මහතාගේ අභාවය පිළිබඳව බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර ඔහුගේ ඥාතීන්ට සිය සංවේගය පළ කළේය.

ෂී ජින් පිං මහතා සිය ශෝක පණිවුඩයේ සඳහන් කළේ හෙන්රි කිසින්ගර් මහතා ලෝක ප්‍රකට උපායමාර්ගිකයෙකු බවත් චීන ජනතාවගේ පැරණි මෙන්ම හොඳ මිතුරෙකු බවත්ය. ඔහු චීන-ඇමරිකානු සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ජාතීන් දෙක අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට තම ජීවිත කාලය පුරාම උත්සාහ කර ඇත. හෙන්රි කිසින්ගර් මහතා චීන ජනතාවගේ මතකයේ සදා රැඳෙනු ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම