එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීමට ජනපති ඩුබායි බලා පිටත් වේ
2023-11-30 16:18:04
Share with:

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් 30 වැනිදා සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වේ.

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම