ගොවිබිම් ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා චීන ජනපතිගේ උපදෙස් අන්තර්ගත ලිපියක් ‘Qiushi’ සඟරාවේ පළ වේ
2023-11-30 15:53:53
Share with:

 ‘ගොවිබිම් ආරක්ෂා කිරීම ඵලදායී ලෙස ශක්තිමත් කොට නිසරු ඉඩම් වගාවන්ට සරිලන ලෙස පරිවර්තනය කොට ප්‍රයෝජනයට ගන්න’යන මැයෙන් යුතු චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය ‘Qiushi’ සඟරාවේ පළ වේ.

එය හෙට (1) ප්‍රකාශයට පත්වන‘Qiushi’සඟරාවේ  23 වැනි කලාපයේ  පළකෙරෙනු ඇත.

ගොවිබිම් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැදගත්කම හා හදිසි අවශ්‍යතාව ගැඹුරින් වටහා ගත යුතු බවත් නව යුගයේ සහ නව ගමනේ ගොවිබිම් සුරැකීමේ කාර්යය පහසු වී නැති නමුත් වඩාත් දුෂ්කර වී ඇති බවත් එම ලිපිය අවධාරණය කරයි.

ගොවිබිම් ආරක්ෂාව ක්‍රමානුකූල ව්‍යාපෘතියකි. මේ වන විට ප්‍රමාණය හා ගුණාත්මකභාවය කෙරෙහි සමාන අවධානයක් යොමු කර, නීතිය දැඩිව ක්‍රියාත්මක කොට ක්‍රමානුකූල ප්‍රවර්ධනය සහ තිරසර භාවිතය වැනි වැදගත් අවශ්‍යතා මනාව ක්‍රියාත්මක කළ යුතු බව ද එහි දැක්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම