හෙන්රි කිසින්ගර් මහතා චීන-ඇමරිකානු සබඳතාවල පුරෝගාමියෙක්
2023-11-30 16:53:57
Share with:

චීන-ඇමරිකානු සබඳතා සඳහා ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වූ හෙන්රි කිසින්ගර් මහතාගේ අවංක හැඟීම සහ වැදගත් දායකත්වය චීන ජනතාව සිහිපත් කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය.

හෙන්රි කිසින්ගර් මහතා චීන-ඇමරිකානු සබඳතාවල පුරෝගාමියෙකු සහ ගොඩනගන්නෙකු බව Wang Wenbin මහතා පැවසීය. ඔහු 100 වතාවකට වඩා චීනයට පැමිණ චීන-ඇමරිකානු සබඳතා සාමාන්‍යකරණයට ඓතිහාසික දායකත්වයක් ලබා දී ඇත. හෙන්රි කිසින්ගර් මහතාගේ අවංක හැඟීම සහ වැදගත් දායකත්වය චීන ජනතාව සිහිපත් කරන බව Wang Wenbin මහතා පැවසීය.

චීනය සහ ඇමරිකාව හෙන්රි කිසින්ගර් මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රඥාව උරුම කර ගෙන ඉදිරියට ගෙන යා යුතු බවත්, දෙරටේ නායකයින් අතර San Francisco හි පැවති සමුළුවේදී ඇති වූ වැදගත් එකඟතාවයට අනුව චීන-ඇමරිකානු සබඳතාවල සෞඛ්‍ය සම්පන්න, ස්ථාවර සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත් Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම