මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක්
2023-11-30 16:18:55
Share with:

මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එම එකඟතාවයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක ගෙවීමට ඇති ණය මුදලක් ආවරණය වන බවත් එම ණය මුදල දිගු කාලීන කල් පිරීමේ දිගුවක් සහ පොලී අනුපාතය අඩු කිරීමක් යටතේ ප්‍රතිව්‍යුහගතකරණය වනු ඇති බවත් මුදල් අමාත්‍යංශය කියා සිටී.

එකඟ වූ කොන්දේසි පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුලත් කරමින් එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා නිල ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇති බවත් පසුව එක් එක් ණය හිමියා සමඟ ද්වි පාර්ශ්වික ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹෙනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම