පලස්තීන ජනතාව සමග එකමුතුවෙන් සිටීමේ ජාත්‍යන්තර දිනයට චීන ජනපතිගෙන් සුභපැතුම්
2023-11-30 08:47:42
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය ඊයේ(29) පලස්තීන ජනතාව සමග එකමුතුවෙන් සිටීමේ ජාත්‍යන්තර දිනය සැමරීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට සුභපැතුම් පණිවුඩයක් පිරිනැමීය.

පලස්තීන ජනතාවට සිය ජාතියේ නිත්‍යානුකූල අයිතිවාසිකම් යළි හිමිකර ගැනීමේ සාධාරණ උත්සාහයන්ට චීනය මුල සිට ම දැඩිව අනුබල දෙන බව ෂී ජින් පිං මහතා එම සුභපැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි. පලස්තීන ප්‍රශ්නය වෙනුවෙන් 1967 වසරේ දේශසීමාව පදනම් කර ගනිමින් නැගෙනහිර ජෙරුසලම අගනුවර ලෙස පිහිටුවීම හා සම්පූර්ණ ස්වාධිපත්‍යය සහිත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කිරීම, මූලික විසඳුමයි. ජගත් ප්‍රජාව පලස්තීන සංවර්ධන සහාය හා මානවහිතවාදී අනුබල ශක්තිමත් කළ යුතු බවද ‍චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. පලස්තීන ප්‍රශ්නය පිළිබඳව චීනය අඛණ්ඩව සාධාරණත්වය හා යුක්තිය  වෙනුවෙන් පෙනී සිටිමින් සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරමින් පලස්තීනයට මානවහිතවාදී හා සංවර්ධන සහාය ලබා දෙයි. ජගත් ප්‍රජාව සමග ජාත්‍යන්තර එකඟතාවන් තුළින් පලස්තීන ප්‍රශ්නයට ‘ද්විත්ව රාජ්‍ය විසඳුම’ ලබාදීමේ නිවැරදි මාවත දෙස‍ට යොමු කරවමින් එය පූර්ණ, සාධාරණ මෙන්ම සදාකාලීන විසඳීම  වෙනුවෙන් චීනය අඛණ්ඩව උත්සාහ දරන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම