චීන තුර්ක්මෙනිස්ථාන සබඳතා නැංවීමේ වැදගත්කම චීන උප අගමැතිවරයා පෙන්වා දෙයි
2023-11-30 14:34:35
Share with:

තුර්ක්මෙනිස්ථානයේ ස්වෛරීත්වය,ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ එරටට ගැලපෙන සංවර්ධන මාවතක් වෙනුවෙන් චීනය සිය ශක්තිමත් සහයෝගය පළ කරන බව චීන උප අග්‍රමාත්‍ය ඩින්ග් ෂුවේෂියන්ග් මහතා පවසයි.තුර්ක්මෙනිස්ථානයේ සංචාරයක නිරත හෙතෙම මේ බව සඳහන් කළේ එරට ජනාධිපති Serdar Berdimuhamedov මහතා හමුවූ අවස්ථාවේදී ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන ඩින්ග් ෂුවේෂියන්ග් මහතා දෙරටේ නායකයන් ගේ නායකත්වයෙන් ‍දෙපාර්ශ්වය අත්කර ගෙන ඇති ජයග්‍රහණ ද එහිදී ඉහළින් අගය කළේය. ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගතාවන් තවදුරටත් පුළුල් කරමින් දෙරටේ නායකයන් එළඹ ඇති එකඟාවන් හී ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගැනීම දෙරටේම ජනාතාවට ප්‍රතිලාභ ගෙන දෙන්නක් බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ තුර්ක්මෙනිස්ථාන ජනාධිපතිවරයා තම රට චීනය සමග උපාය මාර්ගික සන්නිවේදනයන් පුළුල් කිරීමට සූදානම් බව සඳහන් කළේය. චීන-මධ්‍යම ආසියා සහයෝගතා යාන්ත්‍රනයට තුර්ක්මෙනිස්ථානය දැඩිව සහාය පළ කරන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම