ගෝලීය සැපයුම්දාමයට නව ජවයක් ගෙන දෙන චීනය
2023-11-30 11:43:12
Share with:

පසුගිය 28වනදා පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය බෙයිජිංහිදී ඇරඹිණ. ඇමරිකාවේ හා යුරෝපා රටවල ව්‍යාපාර රැසක් ඊට සහභාගීවීම විශේෂත්වයකි. අපේක්ෂිත තත්ත්වය බොහෝ දුරට අභිභවා විදේශ ප්‍රදර්ශකයින් අතරින් ඔවුන්ගේ සංඛ්‍යාව සියයට 36ක් ගෙන ඇත.  ලොව පළමු සැපයුම් දාමය තේමා කර ගත් ජාතික මට්ටමේ ප්‍රදර්ශනය වශයෙන් මෙවර ප්‍රදර්ශනයට, ස්මාට් වාහන නිෂ්පාදන දාමය, හරිත කෘෂි කර්මාන්ත දාමය, ඩිජිටල් විද්‍යා තාක්ෂණික දාමය හා සැපයුම් සේවා දාමය පිළිබඳ කලාප අන්තර්ගත විය. දින පහක් තුළ පැවැත්වෙන ප්‍රදර්ශනයේ දී රටවල් හා ප්‍රදේශ 55ක 500කට වැඩි දෙස් විදෙස් ව්‍යාපාර සිය නව තාක්ෂණ, නව නිෂ්පාදිත හා නව සේවාංග ප්‍රදර්ශනය කරයි.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සම්බන්ධ රටවල් සඳහා, සිය නිෂ්පාදිත හා සැපයුම් දාමයෙහි කාර්යභාරය ප්‍රදර්ශනය කිරීමටත් ගෝලීය සහයෝගතාවන්ට එක් වීමටත් මෙවර චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය මනා අවස්ථා ලබා දී තිබේ. එම රටවල සහභාගිත්වය සියයට 50කි. ඌණ සංවර්ධිත රටවලට ද ප්‍රදර්ශනයට එක්වීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී තිබේ. ප්‍රදර්ශකයින්ගේ ඉහළ ආකර්ෂණය හේතුවෙන් මීළඟ චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට එක්වීමට බොහෝ ප්‍රදර්ශකයින් දැන‍ටමත් ඇණවුම් සිදු කර අවසන්ය. 

ගෝලීයකරණය මෙන්ම නිෂ්පාදන හා සැපයුම් දාමය ද බලපෑමට ලක්වීමේ පසුබිම හමුවේ ‘දාමයන් ගෙන් ලොව එකට බැ‍ඳෙමින් අනාගතය ‍පොදුවේ නිර්මාණය කිරීම’ යන්න තේමා කර ගන්නා චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට ඉතා කැපීපෙනෙන ප්‍රායෝගික වැදගත්කමක් හිමි වන බව විශේෂඥවරුන්ගේ අදහස ය.

 ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා ප්‍රදර්ශනයේ ආරම්භක උළෙල අමතමින් ප්‍රකාශ කළ පරිදි, ගෝලීය ආර්ථිකය ‘ශිශිර නිද්‍රාවක්’ තරණය කර දැනට අර්බුදයට මුහණ දී සිටී. නව විසඳුමකින් වඩාත් බලවත් සහයෝගතාවන් මගින් ගෝලීය සැපයුම් දාමය ශක්තිමත් කළ යුතු බව ඉන් වඩාත් පැහැදිලි ය. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම