ගාසා තීරයේ මානුෂීය තත්ත්වය යහපත් කිරීම සඳහා චීනයෙන් මූල්‍යාධාරයක්
2023-11-30 10:21:55
Share with:

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය යහපත් කිරීම සඳහා චීනය ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරයි.

ඊයේ (29) පලස්තීනයේ චීන කාර්යාලය සහ මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනය අදාළ පරිත්‍යාග සහතික පත්‍රයට අත්සන් තැබීය.එමගින් චීනය මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයට ඇමරිකානු ඩොලර් මිලියනයක හදිසි මුදල් ආධාරයක් ලබා දී තිබේ. එම පරිත්‍යාගය , චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයන්ගේ විශේෂ සමුළුවේදී දුන් ප්‍රතිඥා ක්‍රියාවට නැංවීමක් බව පලස්තීනයේ චීන කාර්යාලයේ අධ්‍යක්ෂ Zeng Jixin මහතා එහිදී කියා සිටි‍යේ ය. ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ඉහළ නංවාලීම සඳහා ඉදිරියේදී චීනය මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයට අඛණ්ඩව සහාය ලබා දෙනු ඇතැයි ද ඔහු පැවසීය.

චීනය දිගු කාලයක් පුරා සිය ආයතනයට ලබාදෙන සහාය අගය කරමින්, මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයේ විදේශ හවුල්කාරීත්ව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා චීනය සිදු කළ පරිත්‍යාගය‍‍ට ස්තුතිය පළ කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම