පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල ජාතික අයිතීන් ප්‍රතිෂ්ඨාපනයට චීනයේ දැඩි සහාය
2023-11-30 17:08:05
Share with:

පලස්තීන ජනතාවට ඔවුන්ගේ නීත්‍යානුකූල ජාතික අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සාධාරණ ව්‍යායාමයට චීනය දැඩි ලෙස සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය ඊයේ (29)පලස්තීන ජනතාව සමග එකමුතුවෙන් සිටීමේ ජාත්‍යන්තර දිනය සැමරීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමරු සමුළුවට සුභපැතුම් පණිවුඩයක් පිරිනැමීය. ෂී ජින් පිං මහතා ඊට සුබපැතුම් පණිවිඩයක් යොමු කොට ඇත්තේ අඛණ්ඩව 11 වැනි වරටය. පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල ජාතික අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සාධාරණ ව්‍යායාමය සඳහා චීනයේ ස්ථිර සහයෝගය මෙයින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරන බව Wang Wenbin මහතා පැවසීය.

වත්මන් තත්ත්වය යටතේ මෙවර සමරු සමුළුව විශේෂ වැදගත්කමක් ඇති බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, පලස්තීන ප්‍රශ්නය "ද්වි-රාජ්‍ය විසඳුමේ" නිවැරදි මාවතට තල්ලු කිරීමට සහ පුළුල්, සාධාරණ සහ කල්පවත්නා විසඳුමක් ඉක්මනින්ම ලබා ගැනීමට චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම