පැරණි මිතුදම් සැමදා සිහිතබා ගන්නා චීන ජනපති
2023-11-30 13:25:47
Share with:

සෑම නොවැම්බර් මාසයේම Mark Bacon චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ අතීත සිදුවීමක් සිහිපත් කරයි. 2023 වසරේ නොවැම්බර් මාසෙය් 25වැනිදා, ඔහු මෙවැනි සටහනක් සිය වී චැට් ගිණුමේ පළ කළේය. “මීට වසර නවයකට පෙර නොවැම්බර් මස 18වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඔහුගේ ආර්යාව ඔස්ට්‍රේලියාවේ Hobart නගරය වෙත අවස්ථාවේ දී, ඔවුන් හමුවීමට හා පැයකට වැඩි කාලයක් ඔවුන් සමඟ කතා කිරීමට මට වරප්‍රසාදය ලැබුණි.”

2014 වසරේදී, ෂී ජින් පිං මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූ කාලයේ දී, ඔහු Mark Bacon ගේ පවුල හමුවිය. 1999 සහ 2001 වසරවලදී Mark Bacon ගේ පියා Jim Bacon, Tasmania ආණ්ඩුකාරවරයා ලෙස දෙවරක් චීනයේ Fu Jian පළාතේ සංචාරය කර තිබේ. එකල Fujian හි රාජකාරියේ යෙදී සිටි ෂී ජින් පිං මහතා හට මෙම මිතුරා හමුවිය. ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණීමෙන් පසු ආණ්ඩුකාර Jim Bacon ඔහුගේ පුතා Mark Bacon සහ ඔහුගේ පවුලේ අය ෂී ජින් පිං මහතා ගැන පැවසුවේ, “ඔයාලා ඒ මිනිසාගේ නම මතක තියාගන්න එක හොඳයි. අනාගතයේදී ඔහු විශිෂ්ට දේ සිදු කරන්නෙක් වේවි.”

Jim Bacon එවකට Fu jian පළාත් ආණ්ඩුකාර සිටි ෂී ජින් පිං මහතා හට Tasmaniaට පැමිණෙන ලෙස ආරාධනා කළේය. කෙසේ වෙතත්, ආණ්ඩුකාර Jim Bacon 2004 වසරේදී රෝගාතුර වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වූ අතර එහි හමුවීම සදහටම මග හැරිණ. වසර ගණනාවකට පසු, චීනයේ උත්තරීතර නායකයා බවට පත් වූ ෂී ජින් පිං මහතා පැරණි මිතුරෙකුගේ මෙම ආරාධනය පිළිගෙන සාගරය තරණය කළේය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම