චීන-ඇමරිකා සබඳතාවල විධිමත්, ස්ථාවර සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක්
2023-11-30 17:09:23
Share with:

ඇමරිකාවේ බුද්ධි මණ්ඩල සහ සිවිල් සංවිධාන 34ක් එක්ව චීන සහ ඇමරිකානු ජනාධිපතිවරුන් වෙත ලිපියක් යොමු කිරීමෙන්, ඇමරිකාවේ සියලු තරාතිරම් දෙරටේ සබඳතාවේ ස්ථාවරත්වය සහ වැඩිදියුණු කිරීම කෙරෙහි තමන්ගේ අවංක හා පුළුල් ඉල්ලීම් පිළිබිඹු කර ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(30) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

පසුගියදා ඇමරිකාවේ බුද්ධි මණ්ඩල සහ සිවිල් සංවිධාන 34ක් එක්ව චීන සහ ඇමරිකානු ජනාධිපතිවරුන් වෙත ලිපියක් යොමු කරමින්, ද්විපාර්ශ්වික සබඳතාවල හානිකර ගැටළු අඛණ්ඩව අවම කර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස චීනය සහ ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ඒ සම්බන්ධයෙන් Wang Wenbin මහතා පැවසුවේ, චීන-ඇමරිකා සබඳතාවල විධිමත්, ස්ථාවර සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේම ජනතාව අඛණ්ඩව එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම