පලස්තීන-ඊශ්‍රායල ගැටළුව විසඳීම සම්බන්ධ චීනයේ ස්ථාවරය
2023-11-30 10:00:25
Share with:

පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය විසඳීම කෙරෙහි චීනයේ ස්ථාවරය පිළිබඳ ලේඛනය චීන විදේශ අමාත්‍යංශය නිකුත් කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, ආරක්ෂක මණ්ඩලය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ප්‍රමුඛ වගකීම දරයි. ඒ අනුව පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳව චීනය පහත දැක්වෙන උපදෙස් ලබා දී ඇත.

1. අදාළ සියලු පාර්ශ්ව එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හා ආරක්ෂක මණ්ඩලයේ යෝජනා ක්‍රියාවට නංවමින්, ස්ථිර මානුෂීය සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කර පවත්වා ගෙන යා යුතුය.

2. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු වන සියලු ප්‍රචණ්ඩත්වයන් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරන සියලු ක්‍රියා නතර කළ යුතු අතර, සිවිල් පහසුකම් ඉලක්ක කර සිදු කෙරෙන ප්‍රහාර වැළැක්විය යුතුය.

3. අදාළ පාර්ශ්ව ගාසා තීරයේ මානුෂීය ආධාර මාර්ග විවෘත කළ යුතු අතර, වේගවත්, ආරක්ෂක, බාධාවලින් තොර, තිරසර මානුෂීය ප්‍රවේශයන් සහතික කළ යුතුය.

4. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ආරක්ෂක මණ්ඩලය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් විය යුතුය. ගැටළුව උග්‍ර වීම වැළැක්වීම සඳහා, අදාළ පාර්ශ්ව සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.

5. එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන්, වඩා විශාල, අධිකාරීත්වයක් සහිත ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුවක් කඩිනමින් කැඳවිය යුතු අතර, "ද්වි-රාජ්‍ය විසඳුම" සඳහා නිශ්චිත සැලසුම් සහ මාර්ග සිතියම සකස් කළ යුතුය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම