ස්ථිර සටන් විරාමයක් ගාසා තීරයේ ජනතාවගේ විශාලතම බලාපොරොත්තුවයි
2023-11-29 10:20:39
Share with:

ගාසා තීරයේ තාවකාලික සටන් විරාමය ආරම්භ වී 5 වැනි දිනය වන ඊයේ (28) පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පස් වැනි වටයේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීම සිදු විය .

දෙපාර්ශ්වය අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම පසුගිය 24 වැනිදා සිට බලපැවැත්වේ. එම ගිවිසුමට අනුව, ගාසා තීරයේ දින 4 ක් පුරා සටන් විරාමයක් ක්‍රියාත්මක විය. එම සටන් විරාමය තවත් දින 2 කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණි බව කටාර් විදේශ අමාත්‍යංශය පසුගිය 27 වැනිදා ප්‍රකාශ කළේය.

විශාල මානුෂීය ආධාර රථ පෙළක් උතුරු ගාසා තීරයට ගමන් කරමින් සිටින අතර, ඊජිප්තුවෙන් පැමිණෙන ට්‍රක් රථ ද  Rafah හරස් මාර්ගයෙන් ගාසා තීරයට ඇතුළුවීමට නියමිත බව චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරු ඊයේ (28) වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන සහන සහ කාර්ය  නියෝජිතායතනය ද දකුණු ගාසා තීරයේ ජනතාවට ආධාර බෙදා දීම අඛණ්ඩව සිදු කරමින් සිටී. ස්ථිර සටන් විරාමයක් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර, එය ගාසා තීරයේ ජනතාවගේ විශාලතම බලාපොරොත්තුව බවට පත්ව තිබේ.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම