චීන විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක්
2023-11-29 15:46:29
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වෙයි.

එම හමුව ඊයේ(28) නිව්යොර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පැවැත්විණ.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මහලේකම් ගුටරෙස් මහතා ඉටු කළ විශේෂ හා ආදේශක නොමැති කාර්යභාරයට චීනය මුල සිට ම සහාය වන බව වං යී මහතා එහිදී පැවසීය. වඩාත් ජ්‍යෙෂ්ඨ, වඩා විශාල පරිමාණ සහ වඩාත් ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුවක් හැකි ඉක්මනින් පවත්වමින් "ද්වි-රාජ්‍ය විසඳුම" නැවත ආරම්භ කිරීම සඳහා මාර්ග සිතියමක් හා කාලසටහනක් සකස් කරන ලෙස චීනය ඉල්ලා සිටින බව ද වං යී මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති රට ලෙස චීනය සිය පාලන සමයේ, පලස්තීන-ඊශ්‍රායල ගැටුම දේශපාලන ආකාරයෙන් විසඳා ගෙන මානුෂීය තත්වය ලිහිල් කිරීමට සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සම්බන්ධයෙන් ගුටරෙස් මහතා එම හමුවේදී ප්‍රශංසා කළේය. පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳ උසස් ‍පෙළේ සමුළුවේ චීනය මුලසුන දැරීම පිළිබඳව හෙතෙම ස්තුතිය පළ කළේය. "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කොට පලස්තීන ප්‍රශ්නය මූලික වශයෙන් විසඳීමේ ක්‍රියාවළියෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථීරව නියැළී සිටින බව ද මහලේකම්වරයා එහිදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම