ඇමරිකාව තායිවාන ප්‍රදේශයට හමුදාමය සහාය ලබාදීම නතර කර චීනයේ සාමකාමී එක්සත්භාවයට අනුබල දීම අත්‍යවශ්‍යයි
2023-11-29 14:35:28
Share with:

තායිවාන ප්‍රශ්නය සෑම විටම චීන ඇමරිකානු සම්බන්ධතාවයේ වැදගත්ම හා සංවේදීම ප්‍රශ්නය බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාල ප්‍රකාශක චෙන් බින්හුවා මහතා පවසයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ අද(29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ අදාල ප්‍රශ්නවලට පිලිතුරු වශයෙනි. ඇමරිකාව සිදු කළ ‘තායිවාන බෙදුම්වාදීන්ට’ අනුබල නොදීම යන ප්‍රකාශය, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව චීන ඇමරිකානු නායකයින්ගේ සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හමුවේදී  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඇමරිකාව වෙත අවධාරණය කර ඇත. එසේම ඇමරිකාව තායිවාන ප්‍රදේශයට හමුදාමය සහාය ලබාදීම නතර කර චීනයේ සාමකාමී එක්සත්භාවයට අනුබල දිය යුතු බව ද ෂී ජින්පිං මහතා පැවසීය. මේ අතර බාලි දූපතේ හමුවේදී තම පාර්ශ්වය දුන් පොරොන්දුව, එනම් ‘තායිවාන බෙදුම්වාදීන්’ට සහාය නොදැක්වීම, සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යළිත් ප්‍රකාශ කළ බව චෙන් බින්හුවා මහතා සඳහන් කර ඇත.

‘තායිවාන බෙදුම්වාදීන්’ සිටියහොත් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය උදා නොවේ. එය ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක තත්ත්වය නොසන්සුන් කිරීමට ද හේතුවන සාධකයකි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සම්බන්ධතාවය සාමකාමී මාර්ගයට යළි එකතු කර එය සැබවින්ම සහතික කිරීමට නම්, එකම චීනය පිළිබඳ මූලධර්මය පිළිබිඹු කෙරෙන ‘1992 එකඟතාවන්ට’ යළි පැමිණිය යුතු බව ද චෙන් බින්හුවා මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම