විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සංචාරකයන් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති පවසයි
2023-11-29 15:19:42
Share with:

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

කොළඹ  පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත.

එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.

ඉදිරි වසර කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 75 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ලදී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම