ජාත්‍යන්තර රත්‍රන් මිල මාස 6ක් තුළ වාර්තාගත ඉහළම මට්ටමට ළඟා වේ.
2023-11-29 14:35:53
Share with:

ඊයේ(28) ජාත්‍යන්තර රත්‍රන් මිල පසුගිය මස 6ක කාලය තුළ වාර්තාගත ඉහළම මට්ටමට ළඟා විය. New York Mercantile Exchange ආයතනයේ දෙසැම්බර් මස ඉදිරි ගනු දෙනු භාණ්ඩ රත්‍රන් මිල සියයට 1.4කින් ඉහළ ගිය අතර එය අවුන්සයකට ඇමරිකානු ඩොලර් 2,040 කි. ඒ අනුව ගතවූ මැයි මස මැද භාගයේ සිට විනවිට මස 6කට වඩා වැඩි කාලයක් තුළ අඛණ්ඩව වෙළඳ දින හතරක් තුළ වාර්තාගත ලෙස රත්‍රන් මිල ඉහළ ගියේය.ජාත්‍යන්තර ස්ථානීය රත්‍රන් මිල ද සියයට 1.4 කින් ඉහළ ගොස් ඇති අතර එය අවුන්සයකට ඇමරිකානු ඩොලර් 2,040 ක පූර්ණ වටිනාකමට වඩා ඉහළ ගොස් ඇත. එය මාස හතක කාලයක් තුළ වාර්තාවූ නවතම ඉහළම අගය වී තිබේ. ඓතිහාසික ඉහළම අගය වන ඇ.ඩො. 2,080 ට එය අඛණ්ඩව ළඟා වීමේ ලකුණක් පෙන්නුම් කෙරේ.

ඇමරිකානු ෆෙඩරල් සංචිතය දෙසැම්බර් මාසයේදී පොලී අනුපාතය වෙනස් නොකරනු ඇති අතර ලබන වසරේ මැයි මස වනවිට පොලී අනුපාතය අඩු කිරීමේ හැකියාව සියයට 50ක් පමණ වන බව විශ්ලේෂකයින් ගේ අදහස වී තිබේ. එම ඇස්තමේන්තුව හේතුවෙන් ජාත්‍යන්තර රත්‍රන් මිල කෙටි කාලීනව ඉහළ යාමේ ප්‍රවණතාවක අඛණ්ඩව පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම