ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් අතර සහයෝගතාව නැංවීමට කැබිනට් අනුමැතිය
2023-11-29 15:22:03
Share with:

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් අතර සහයෝගතා රාමුවකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ වෙළඳ ජාලයන් යනු ප්‍රමිතීන් සහතික කිරීම, නිෂ්පාදක සහය වැඩසටහන් සහ උපදේශනය හරහා ප්‍රතිලාභ සමානව බෙදී යන ගෝලීය ජාලයකි.

ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳාම සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යෝජනා කර ඇතැයි රජය පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් සහයෝගීතා රාමුවකට අත්සන් තැබීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම