ඇමරිකාවේ බොහෝ ස්ථානවල බාල වයස්කරුවෝ වෙඩි තැබීම්වලට ගොදුරු වෙති
2023-11-29 11:00:30
Share with:

මෑතකදී ඇමරිකාවේ බොහෝ ස්ථානවල බාල වයස්කරුවන් වෙඩි තැබීමේ සිද්ධීන්ට ගොදුරුවී ඇත.

ඊයේ(28) උතුරු කැරලිනා ජනපදයේ ගෝල්ඩ්ස්බෝරෝ හී, සිය නිවසේ සිටි 10 හැවිරිදි දැරියකගේ පාදයකට වෙඩි වැදී ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.

පසුගිය 27වැනිදා ඉලිනොයිස් ජනපදයේ රොක්ෆෝර්ඩ් හී, 15 හැවිරිදි පිරිමි ළමයෙකුගේ හිසට සහ උදරයට වෙඩි වැදීමෙන් ඔහු රෝහල් ගතකර තිබේ.

එම දිනයේ පස්වරුවේ චිකාගෝ නගරයෙන් ද වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. 16 හැවිරිදි පිරිමි ළමයෙකු  ඉන් බරපතල තුවාල ලබා ඇති අතර, සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ටෙනසි ජනපදයේ මෙම්ෆිස් හිදී, සිය නිවසේ නිදා සිටි 12 හැවිරිදි දැරියකට වෙඩි උණ්ඩයක් වැදී ඇත.

ඇමරිකානු Gun Violence Archive වෙබ් අඩවියේ දත්තයන්ට අනුව, ඇමරිකානු වේලාවෙන් 28වැනිදා දක්වා, මේ වසරේ ඇමරිකාව පුරා සිදුවූ අවි ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන් බාලවයස්කරුවෝ 1,555 ක් මිය ගියහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම