ලෝක නායකයන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ විෂම චක්‍රය බිඳ දැමිය යුතු බව අවධාරණය කෙරේ
2023-11-29 10:20:52
Share with:

මෙම සතියේ ඩුබායිහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ගෝලීය උණුසුම ඉහළ යාමේ විෂම චක්‍රය බිඳ දැමීමට අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කිරීමට ලෝක නායකයන්  ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා පවසයි.

කාබන් විමෝචනය  දැනට සිදුවන අයුරෙන්ම පැවතියහොත් ග්‍රීන්ලන්තයේ සහ බටහිර ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු වෙනස්වීම " තීරණාත්මක මට්ටම" ඉක්මවනු ඇති අතර මුහුදු මට්ටම දැනට වඩා මීටර් 10කින් පමණ ඉහළ යා හැකි බව නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී Guterres මහතා වාර්තාකරුවන් අමතමින් පැවසීය. එය විෂම චක්‍රයක් වන අතර අයිස් තට්ටු දියවීම වැනි වෙනස්කම් හේතුවෙන් ගෝලීය උණුසුම වේගවත් වනු ඇති බව Guterres  මහතා එහිදී සඳහන් කළේය.

ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම විෂම චක්‍රය බිඳ දැමීමට අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරමින් දේශගුණික විපර්යාසයෙන් එල්ලවන බලපෑම්වලින් මිනිසුන් ආරක්ෂා කරන ලෙස Guterres මහතා විවිධ රටවල නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම