පළමු වැනි චීන ජාත්‍යන්තර සැපයුම්දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය බෙයිජිංහිදී
2023-11-28 17:04:13
Share with:

පළමු වැනි චීන ජාත්‍යන්තර සැපයුම්දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය ඇරඹේ.

දින 5ක් පුරා පැවැත්වෙන එම ප්‍රදර්ශනය අද(28) බෙයිජිංහිදී ඇරඹිණ. ලොව පළමු සැපයුම්දාමය ප්‍රධාන තේමාවෙන් යුත් ජාතික මට්ටමේ ප්‍රදර්ශනය වන එම ප්‍රදර්ශනයට දෙස් විදෙස් ව්‍යාපාර හා ආයතන 515ක් සහභාගි වෙයි. ස්මාර්ට් මෝටර් රථ දාමය, හරිත කෘෂිකාර්මික දාමය, පිරිසිදු බලශක්ති දාමය, ඩිජිටල් තාක්ෂණ දාමය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන දාමය ඇතුළු ප්‍රධාන දාම සහ සැපයුම් දාම සේවා ප්‍රදර්ශන ක්ෂේත්‍ර පහක් ඊට අයත්වෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පළමු වැනි චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය හෙවත් ගෝලීය සැපයුම් දාම නිර්මාණශීලි සංවර්ධන සාකච්ඡා සභාවට‍ එක් ‍වෙමින් ප්‍රධාන දේශනයක් සිදු කළේය. වත්මන් ලෝක ආර්ථික පුනරුත්ථාපනය අසීරු තත්ත්වයක පවතින බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. චීනය සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය පවත්වන්නේ යුගයේ ප්‍රවණතාවට අනුව විවිධ පාර්ශ්ව අතර සංවාද ශක්තිමත් කිරීම, සහයෝගිතා ගැඹුරු කිරීම හා ඒකාබද්ධ වර්ධනය  සහිත ජාත්‍යන්තර වේදිකාවක් බිහි කිරීමේ අරමුණින් බව හෙතෙම කීය.

චීනය, ගෝලීය නිෂ්පාදන දාමය හා සැපයුම් දාම සහයෝගිතාවන්ට සහභාගි වන පාර්ශ්වය හා ප්‍රතිලාභ ලබා ගන්නා පාර්ශ්වය පමණක් නොව එහි ස්ථීර ආරක්ෂකයා හා ගොඩනංවන්නා ද  වන බව ලී ච්‍යං මහතා පෙන්වා දුන්නේය. විවිධ පාර්ශ්ව සමග ශක්‍යතාව, කාර්යක්ෂමතාව හා ජවය සහිත ගෝලීය නිෂ්පාදන දාමය හා සැපයුම් දාමය ගොඩනගමින් ලෝක ආර්ථික පුනරුත්ථාපනය හා ගෝලීය සමෘද්ධිය වෙනුවෙන් වඩාත් විශාල දායකත්වයක් දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම