අතීත යටත්විජිතවලින් උදුරා ගත් පුරාවස්තු යළි භාරදීම බ්‍රිතාන්‍යයේ වගකීමක්
2023-11-28 11:33:16
Share with:

ලෝකප්‍රකට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මිලියන 8කට වැඩි භාණ්ඩ අතරින් බහුතරයක් විවිධ මාර්ග ඔස්සේ වෙනත් රටවලින් ලබාගත් බව නොරහසකි. මෑත වසරවල අදාළ රටවල් බ්‍රිතාන්‍යයෙන්  එම භාණ්ඩ ආපසු ලබා ගැනීමට අඛණ්ඩව උත්සාහ දරමින් සිටී. පසුගිය දා ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis  මහතා එවැනි ප්‍රයත්නයක්  ගත් බව වාර්තා වේ. ග්‍රීසියේ Parthenon දේවාලයේ තිබූ කිරිගරුඬ මූර්ති ආපසු භාර දෙන ලෙස ඔහු එම සංචාරයේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ඉල්ලීමක් කළේ ය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

මෙවැනි දෙයක් ග්‍රීසියට පමණක් නොව චීනය ඇතුළු රටවල් ගණනාවකට ද සිදු වී තිබේ. ලෝක ඉතිහාසයේ වැඩිම යටත්විජිත සංඛ්‍යාව හිමි වූ බලවතා වන්නේ බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය යනු බ්‍රිතාන්‍යයේ යටත්විජිත ඉතිහාසය පිළිබඳ ප්‍රදර්ශනාගාරයකි. එහි තැන්පත්ව ඇති භාණ්ඩ අතරින් චීනයට හිමිව පැවති භාණ්ඩ 23000 ක් පමණ තිබේ.

සිය පුරාවස්තු ආපසු ලබාගැනීම වෙනුවෙන් චීනය ඇතුළු බොහෝ රටවල් වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටී. එහෙත් “පුරාවස්තුවල ආරක්ෂාව උදෙසා” යන ව්‍යාජ හේතු මත බ්‍රිතාන්‍ය රජය එම භාණ්ඩ ආපසු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. එපමණක් නොව 1963 වසරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව“බ්‍රිතාන්‍ය කෞතුකාගාර නීතිය”සංශෝධනය කිරීමෙන් එම කෞතුකාගාරයේ භාණ්ඩ අදාළ රටවලට ආපසු ලබාදීම තහනම් කළේ ය.

මේ වනවිට යටත්විජිත ඉතිහාසය අතීතයක් පමණි. බ්‍රිතාන්‍යය කළ යුත්තේ අදාළ රටවල ඉල්ලීම් සලකා බලා එම අතීතයේ තමන් විවිධ රටවලින් උදුරා ගත් පුරාවස්තු ආපසු ලබාදීම ය.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම