ජපානය තම රටේ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව මුහුණ දෙන සමස්ත ගැටළු ගැන අවධානය යොමු කළ යුතු බව චීනය පවසයි
2023-11-28 16:27:33
Share with:

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම සමස්ත මානව වර්ගයාගේ සෞඛ්‍යය, සාගරය සහ ජාත්‍යන්තර මහජන අවශ්‍යතා සමඟ සම්බන්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය.

ජපානය තම රටේ ජනතාවගේ ප්‍රධාන ගැටළු පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීම පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවේ, විශේෂයෙන් එහි අසල්වැසි රටවල ප්‍රබල උත්සුකයන්ට මුහුණ දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය. එසේම, ජපානය වගකිවයුතු සහ නිර්මාණාත්මක ආකාරයකින් අදාළ පාර්ශවකරුවන් සමඟ සන්නිවේදනය කළ යුතු අතර, හානි හඳුනා ගැනීම සහ වන්දි සඳහා අදාළ පාර්ශවකරුවන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් බැරෑරුම් ලෙස ගත යුතු බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම