ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා තහවුරු කරමින් පැවති චීන-ජපන්-දකුණු කොරියා විදේශ අමාත්‍යවරුන්ගේ හමුව
2023-11-28 11:15:52
Share with:

වසර 4කට පසු යළි දකුණු කොරියාවේ බුසාන් හි චීන-ජපන්-දකුණු කොරියා ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්විණ. පසුගිය 26 වනදා පැවති එම සමුළුවේදී අදාළ රටවල් තුනෙහි ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා තහවුරු කරමින් එකඟතාවන් මාලාවකට එළඹ ඇත. මෙවර ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඔස්සේ ඊළඟ අදියරේ චීන-ජපන්-දකුණු කොරියා නායක සමුළුව පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසුණු බව ජගත් ප්‍රජාවේ මතයයි.

චීන, ජපන් හා දකුණු කොරියා යන රටවල් තුන අසල්වැසි රටවල් වන අතර සමාන සංස්කෘතික සාම්ප්‍රදායන් ද පවතී. 1999 වසරේ චීන-ජපන්-දකුණු කොරියා සහයෝගීතා යාන්ත්‍රණය නිල වශයෙන් ස්ථාපනය කිරීමෙන් පසු එය ආසියාවේ විශාලතම බලපෑමක් කළ හැකි උප කලාපීය සහයෝගීතා යාන්ත්‍රණයක් බවට පත්ව ඇත. මෙවර විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී චීන-ජපන්-දකුණු කොරියා නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන ලෙසත් මානව හුවමාරු ව්‍යාප්ත කරන ලෙසත් චීනය අදාළ රටවලින් ඉල්ලා සිටී. එමෙන්ම ආසන්න ප්‍රදේශවල අව්‍යශතා තිබෙන රටවල් හා කලාප සඳහා “ චීන-ජපන්-දකුණු කොරියා +X” යන සහයෝගීතා වැඩසටහන ආරම්භ කරන ලෙසත් එහිදී  චීනය විසින් ඉල්ලීමක් කර ඇත. අදාළ යෝජනා ආර්ථීක, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, මානව, සමාජීය හා තිරසර සංවර්ධනය යනාදී අංශ සමග සම්බන්ධ වේ. අදාළ කරුණු චීන-ජපන්-දකුණු කොරියා යන රටවල් තුන පොදුවේ අවධානය යොමු කරන මෙන්ම විශාල සහයෝගීතා අවස්ථා සහිත ක්ෂේත්‍ර වේ. එමෙන්ම එයට ජපානයෙන් හා දකුණු කොරියාවෙන් යහපත් ප්‍රතිචාර ලැබිණ. චීන-ජපන්-දකුණු කොරියා සහයෝගීතා ප්‍රවණතාව පහසු ප්‍රවණතාවක් නොවන අතර එය සෑමවිටම අගය කළ යුතු ය. 

එම ප්‍රවණතාව ඉදිරියට ගෙන යන්නේ කෙසේද? ඊට බලපාන කේන්ද්‍රීය කරුණු වන්නේ 2019 වසරේ චීන-ජපන් -දකුණු කොරියා නායකයන්ගේ සමුළුවේදී එළඹි “චීන-ජපන්-දකුණු කොරියා සහයෝගීතාවේ ඉදිරි ශත වර්ෂයේ අනාගත දැක්ම ” පිළිබඳ එකඟතාව ක්‍රියාත්මක කිරීමයි. එමෙන්ම අදාළ එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සඳහා බාහිර සාධකයන්ගෙන් එල්ල වන මැදිහත්වීම් ඉවත් කළ යුතු බව අවධාරණය කළ යුතු ය. 

විසි වසරකට පෙර චීන-ජපන්-දකුණු කොරියා පළමු ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණ.සංවර්ධනය තහවුරු කර නැගෙනහිර ආසියාවේ සහයෝගීතාව ශක්තිමත් කර කලාපීය මෙන්ම ලෝක සාමය හා සමෘද්ධිය සහතික කිරීම තෛපාර්ශ්වික සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ බව එහිදී අවධාරණය විය.ලෝකයේ පෙර නොවූ අයුරින් වෙනස්කම්වලට මුහුණ දීමේදී චීනය, ජපානය හා දකුණු කොරියාව කිසිසේත් වෙන්කළ නොහැකි අසල්වැසි රටවල් තුනකි. ජපානය හා දකුණු කොරියාව චීනය සමඟ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා යළි පූර්ණ ලෙස ආරම්භ කිරීම ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනයේ අපේක්ෂාව වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම